(RIVIRA.LK, 2020 මැයි 23 පස්වරු 06.27ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 23 සෙනසුරාදා පස්වරු 05.15 වන විට 1,085ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ නව ආසාදිතයින් 17ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 40ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් 17 දෙනාගෙන් 15 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් දෙදෙනා ඩුබායි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
ඒ අනුව, මේ වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 660කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 416ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 101ක් බවද සඳහන් වේ.
- දෛනික වාර්තාව – තවත් 40ක් සුවයි, සක්‍රීය ආසාදිතයින් ගණන 399 දක්වා පහළට

