දේශීය පුවත්

සීෂෙල්ස් හී සිට රෝගීන් 28ක් සමග ගුවන් යානයක් මෙරටට පැමිණෙයි, “නිරෝධායනයෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීමට නියමිතයි”

(RIVIRA.LK, 2020 මැයි 23 පස්වරු 07.35ට)

සීෂෙල්ස් රජයේ විශේෂ ඉල්ලීමක් මත එරට සිට රෝගීන් 28 දෙනෙකු රැගත් ගුවන් යානයක් මැයි 23 ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ සඳහන් කළේ දෙරට අතර ඇති මිත්‍රත්වය අනුව එරට ඉල්ලීම ඉටු කරමින් අදාළ ගුවන් යානයට මෙරටට පැමිණීමට අවසර ලබා දී ඇති බවයි.

ජනාධිපති අතිරේක ලේකම්වරයා කියා සිටියේ හෘද හා වකුගඩු රෝග වැනි රෝගවලින් පෙළෙන සීෂෙල්ස් රජයේ සේවකයින් 28 දෙනෙකු මෙලෙස ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි..

ඔවුන් සියලු දෙනාව කොවිඩ්-19 ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමට පීසීආර් පරීක්ෂණවලට ලක් කර ඇති බව සඳහන් කළ ජයනාත් කොළඹගේ කියා සිටියේ ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර නිරෝධායනයට ලක් කිරීමට නියමිත බවයි.

ඉන් පසු මෙරට පෞද්ගලික රෝහල්වලදී ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සළසා දෙන බවද ජනාධිපති අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Rivira FB Group Rivira Youtube
To Top