(RIVIRA.LK, 2020 මැයි 24 පස්වරු 12.24ට)
කොවිඩ්-19 ආසාදිතයින්ට සිදුකරන ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය “කියුරෙක් (Curec)” නමින් පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කර තිබෙනවා.
මෙම මෘදුකාංගය මගින් රෝගියා සහ වෛද්‍යවරයා අතර වීඩියෝ තාක්ෂණය හරහා සන්නිවේදනය කිරීමට අවකාශ සළසා ඇති අතර ඉන් දෙදෙනා අතර දුරස්ථභාවය පවත්වාගනිමින් රෝගී තත්වයන් නිවැරදිව හඳුනා ගැනීමට පහසුවන බව නිර්මාණකරුවන් සඳහන් කරනවා.
ඒ තුළින් වෛද්‍ය කාර්ය මණ්ඩලයට රෝගය වැළඳීමේ අවදානම අඩු කිරීම නව මෘදකාංගය මඟින් අපේක්ෂිත කරුණක් බවද ඔවුන් පෙන්වා දෙනවා. කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්ගේ මඟ පෙන්වීමෙන් පරිගණක හා තොරතුරු තාක්ෂණ පීඨයේ පර්යේශණ කණ්ඩායමක් විසින් මෙය නිපදවා තිබෙනවා.
මෙම මෘදුකාංගය හරහා ගිලන් රථයක් රෝගියෙකුගේ නිවසට යැවීමට හෝ නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය තීරණ ගැණීමේ පහසුකම ද සහිතව නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
නව මෘදුකාංගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය සේවා ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මැයි 24 දින පැවැත්වුණා.
පරිඝනක පීඨයේ පරිගණක විද්‍යා උපාධි අපේක්ෂක සිසුන් වන එන්. සමාරා ප්‍රේමරත්න සිසුවිය සහ එච්. කසුන් කල්හාර පෙරේරා සිසුවා විසින් සෞඛ්‍ය අමාත්‍යවරියට හා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ වෙත මෙම මෘදුකාංගය පිළිබද මුලික හැදින්වීම සිදු කළා.
ඊට රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පරිගණක පීඨයේ පීඨාධිපති කොමදෝරු ජනක ගුණසීල, ආචාර්ය ප්‍රදීප් කලංසූරිය සහ විශ්ව විද්‍යාල සිසුන් ද විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්ද සහභාගී වී සිටියා.

