(RIVIRA.LK, 2020 මැයි 24 පස්වරු 02.13ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 24 ඉරිදා පස්වරු 01.30 වන විට 1,089ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 24 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 14ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 674කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 406ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 97ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 61.8%ක් ලෙසත් මරණ අනුපාතය 0.8%ක් ලෙසත් වාර්තා වේ.
මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 626 දෙනෙකුත්, යුධ හා ගුවන් හමුදා සාමාජිකයින් 12 දෙනෙකුත් වෛරසය ආසාදිත සමස්ථ පිරිස අතර සිටිනවා. විදේශයන් හී සිට පැමිණ නිරෝධායනය වෙමින් සිට පසුව ආසාදිත බව හඳුනාගත් පිරිස 70 දක්වා ඉහළ ගොස් ඇති අතර දේශීයව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ 68ක් ද ආසාදිත බව හඳුනාගත් පිරිස අතර සිටී.
වෛරසය ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 626 දෙනාගෙන් 293 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා.
ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 406 අතුරින්,
- IDH රෝහල – 74
- වැලිකන්ද මූලික රෝහල – 54
- මුල්ලේරියාව මූලික රෝහල – 42
- ඉරණවිල මූලික රෝහල – 28
- කාත්තන්කුඩි මූලික රෝහල – 28
- නාවික හමුදා රෝහල – 73ක් ද
- හෝමාගම මූලික රෝහල – 59ක් ද
- මිනුවන්ගොඩ මූලික රෝහල – 48ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
අප්‍රේල් 22 දිනෙන් පසු වාර්තා වූ ආසාදිතයින්ගෙන් අතිශය බහුතරයක් නාවික හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ ආශ්‍රිතයින් හා විදේශයන් හී සිට පැමිණ නිරෝධායන මධස්ථාන වෙත යොමු කළ අය අතරින් හමු වී තිබේ.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 53,092ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 2,480ක අගයක් ගනී.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.

මැයි මාසය තුළ මෙතෙක් සමාජය තුළින් ආසාදිතයින් වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටිනවා. හමු වී ඇති සියලු ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සහ නාවික හමුදා සාමාජිකයින් අතරින් හමුවී ඇති බව වැඩිදුරටත් සඳහන් කළා.

