දිනය තුළ පමණක් කුවේට් සිට පැමිණි 48ක් ආසාදිත බව හඳුනාගනී, ශ්‍රී ලංකාවේ ආසාදිතයින් ගණන 1,138 දක්වා 49කින් ඉහළට
(RIVIRA.LK, 2020 මැයි 24 පස්වරු 04.30ට | අවසන් වරට යාවත්කාලීන කිරීම පස්වරු 10.16ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 24 ඉරිදා පස්වරු 10.00 වන විට 1,138ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 49ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 14ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් 49 දෙනාගෙන් 1 අයෙකු නාවික හමුදා සාමාජිකයෙකු වන අතර 48 දෙනෙකු කුවේට් හී සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කර සිටියා.
ඒ අනුව, මේ වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 674කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 455ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 97ක් බවද සඳහන් වේ.
- දෛනික වාර්තාව – සුවය ලැබූ ගණන 674 දක්වා 14කින් ඉහළට, නාවික හමුදාවේ 293ක් සුවයි