(RIVIRA.LK, 2020 මැයි 25 පස්වරු 09.07ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 25 සඳුදා පස්වරු 09.00 වන විට 1,182ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා 41ක් වාර්තා වී ඇති අතර එක් අයෙකු මියගොස් ආසාදිතයින් 21ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
මේ වන විට කුවේට් හී සිට පැමිණි පිරිසෙන් 70කට අධික පිරිසක් ආසාදනය වී තිබීම හේතුවෙන් දෝහා සිට 293ක් සහිතව මැයි 26 දින පැමිණීමට තිබූ ගුවන් යානයක් අවලංගු කර තිබෙනවා. මේ අනුව ඉදිරියේ දී විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම යළි සමාලෝචනය කිරීමට සිදුව ඇති බව රජය කිය සිටිනවා. පවතින නිරෝධායන පහසුකම් සහ රෝහල් ධාරිතාවය අනුව එම පිරිස් ගෙන්වා ගැනීම ක්‍රමානුකූලව සිදු කිරීමට රජය තීරණය කර ඇති බවද වාර්තා වේ.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 695කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 10 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 477ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 79ක් බවද සඳහන් වේ.
දෛනික වාර්තාව – සුවය ලැබූ ගණන 695 දක්වා ඉහළට, විදේශයන් හී ආසාදිතව මෙරටට පැමිණි පිරිස 127 දක්වා ඉහළට

