,
Covid-19

ශ්‍රී ලංකාවේ දිනකදී වාර්තා වූ වැඩිම ගණන ලෙස 135ක් වාර්තා කරමින් 1,317 දක්වා ආසාදිතයින් ගණන ඉහළට

(RIVIRA.LK, 2020 මැයි 26 පස්වරු 04.30ට – යාවත්කාලීන කිරීම පස්වරු 10ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 26 අඟහරුවාදා පස්වරු 09.45 වන විට 1,317ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 135 වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 17ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

දිනය තුළ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් 135 දෙනා අතරින් 127 දෙනෙකු කුවේට් සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි. අනෙක් 8 දෙනා නාවික හමුදා සාමාජිකයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මීට පෙර දිනක දී වාර්තා වූ වැඩිම ගණන වාර්තා වූයේ අප්‍රේල් 27 දින වන අතර එදින වාර්තා වූ ගණන 65කි.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 712කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 10 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 595ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 76ක් බවද සඳහන් වේ.

දෛනික වාර්තාව – සුවය ලැබූ ගණන 700 ඉක්මවයි, ආසාදිතයින් ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

Rivira Ads
To Top