Life

නවගත්තේගමින් හමූ වූ වඳවීගෙන යන උණහපුලු පැටවා

(RIVIRA.LK, 2020 මැයි 26 පස්වරු 04.19ට)

වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින ක්‍ෂීරපායී සත්වයෙකු වන උණහපුලු පැටවෙකු නවගත්තේගම ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. මවගෙන් වෙන්ව සිටි මෙම පැටවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව නවගත්තේගම අඩවි වන නිලධරී කාර්යාලය සඳහන් කළා.

නවගත්තේගම, මහපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණි සිටියදී සොයා ගත් මෙම උණහපුලු පැටවා වනජීවී නිලධාරීන්ට භාර දීමට නිවැසියන් කටයුතු කර තිබෙනවා. නිවෙස් හිමියාට අමුතු ආකාරයේ ශබ්දයක් ඇසී ඒ පිළිබදව විපරම් කර බැලීමේදී මෙම උනහපුලු පැටවා දැක තිබෙනවා.

මාස 3-6ත් අතර වයසැති දිගින් අගල් 6 ක් පමණ වන මෙම පැටවා නිකවැරටිය වෛද්‍ය ඒකකයට භාර දීමට නවගත්තේගම අඩවි වන නිලධාරී කාර්යාල කාර්ය මණ්ඩලය කටයුතු කළා. මෙරටට ආවේණික සත්ත්වයෙකු සේ සැලකෙන උණහපුලුවා වයඹ හා උතුරු මැද පළාත් ආශ්‍රිතව වියළි කලාපයේ දැකගත හැකියි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top