,
News

#Breaking ආරුමුගම් තොන්ඩමාන් අභවප්‍රාප්ත වේ

(RIVIRA.LK, 2020 මැයි 26 පස්වරු 09.42ට)

ලංකා කම්කරු කොංග්‍රසයයේ නායක, ප්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අමාත්‍යවරයා නිවසේ දී ඇඳ වැටීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ අමාත්‍යවරයා රෝහල් ගත කරනවිටත් ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි.

1994 වර්ෂයේ මැයි මස 29 වෙනිදා උපන් අමාත්‍යවරයා මියයන විට 55 හැවිරිදි වියේ පසුවූවා.

ඔහු නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 1999 සිට කටයුතු කළේය. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෘත්තීය සමිති නායකයෙකු වන සෞම්‍යමූර්ති තොන්ඩමන්ගේ මුනුබුරා වේ.

Rivira Ads
To Top