(RIVIRA.LK, 2020 මැයි 27 පෙරවරු 11.53ට)
මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා රටවල් අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇති රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.
ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛක සංවර්ධකයින්, පර්යේෂකයින් සහ ස්වේච්ඡා සේවකයින් විසින් මෙහෙයවනු ලබන වර්ල්ඩෝමීටර් (worldometer) වෙබ් අඩවියට අනුව මේ වන විට ඇ.එ.ජනපදයේ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 100,572ක් මරණයට පත් වී ඇත. නමුත්, ජෝන හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තා වලට අනුව වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 98,929ක් වේ.
එසේම, දින තුනක් තුළදී ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත වූවන් ප්‍රමාණයේ අඩු වීමක් දක්නට ලැබෙන බව ද ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි. එම විශ්වවිද්‍යාලයේ විශ්ලේෂණයන්ට අනුව ගත වූ දින තුළ දී ඇමරිකා එක්සත් ජනපදයෙන් එක් දිනයක් තුළ වාර්තා වී ඇත්තේ 700කට අඩු ආසාදිතයින් ප්‍රමාණයක් වේ.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදිත වූවන්ට “හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්” නම් මැලේරියා රෝගයට ලබා දෙන බෙහෙත ලබා දිම පිළිබඳව සායනිකව සිදු කරන ලද අත්හදාබැලීම් තාවකාලිකව අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තිරණය කර තිබේ. මෙයට හේතුව වි තිබෙන්නේ පසුගිය මැයි මස 22 වන දින “ලැන්සෙට්” වෛද්‍ය සඟරාව විසින් මෙම බෙහෙත ලබා දුන් කොරෝනා වෛරසය ආසාදිත වූවන් විශාල ප්‍රමාණයක් මිය ගිය බවට සිදු කරන ලද අනාවරණය හේතුවෙන් ය.
කෙසේ වෙතත්, පසුගිය මැයි මස 18 වන දින ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන් කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා මැලේරියාව සඳහා ලබා දෙන මෙම පෙත්ත ලබා ගන්නා බව විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කළා.
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතවූවන් ප්‍රමාණය 56 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් පුද්ගලයින් 352,294ක් ජීවිතක්ෂයට පත් වී ඇත.

