කොවිඩ්-19

කටාර්හි සිට ශ්‍රී ලාංකිකයින් 268 දෙනෙකු දිවයිනට

(RIVIRA.LK, 2020 මැයි මස 27 පස්වරු 1.30ට)

කෝවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 268 දෙනෙකු මැයි මස 27 වන දින අලුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් මඟින් මෙරටට පැමිණ ඇත.

ඔවුන් කටාර් රාජ්‍යයේ, දෝහා සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන විශේෂ ගුවන් යානයෙන් අද අළුයම 5.4ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර පිරිස අතර ළමුන් සිව් දෙනෙකු ද වේ.

ඔවුන් මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 10ක සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 258ක අසුන් ගෙන තිබේ.

නියමිත පරිදි විෂබීජහරයට ලක් කිරීම, රෝග ලක්ෂණ හඳුනාගැනීම සහ උෂ්ණත්වය මැනීම ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සහ ගුවන් තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් සියළු දෙනා යුද්ධ හමුදා නිලධාරීන් විසින් විශේෂ බස් රථ මගින් නිරෝධායනය සඳහා රැගෙන යාම සිදු කර ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top