(RIVIRA.LK, 2020 මැයි 27 පස්වරු 02.32ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 27 බදාදා පෙරවරු 10.00 වන විට 1,319ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 27 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වාර්තා වී නැති අතර ආසාදිතයින් 20ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
මැයි 26 දිනය තුළ නව ආසාදිතයින් 137ක් වාර්තා වූ අතර ඔවුන්ගෙන් 127 දෙනෙකු විදේශයන් හී සිට පැමිණි අයයි. අනෙක් 10 දෙනා නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටිනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 732කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 10 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 577ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 75ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 55.4%ක් ලෙසත් මරණ අනුපාතය 0.7%ක් ලෙසත් වාර්තා වේ.

වෛරසය ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 638 දෙනාගෙන් 344 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
අප්‍රේල් 22 දිනෙන් පසු වාර්තා වූ ආසාදිතයින් මෙසේය.
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයන් – 674
- විදේශයන් හී සිට පැමිණි ගණන – 250
- වෙනත් – 87
ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 577 අතුරින්,
- IDH රෝහල – 81
- වැලිකන්ද මූලික රෝහල – 72
- මුල්ලේරියාව මූලික රෝහල – 35
- ඉරණවිල මූලික රෝහල – 32
- කාත්තන්කුඩි මූලික රෝහල – 78
- නාවික හමුදා රෝහල – 20ක් ද
- හෝමාගම මූලික රෝහල – 115ක් ද
- මිනුවන්ගොඩ මූලික රෝහල – 46ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
- රොහල් වෙත යොමු කරමින් ඇති ගණන – 98කි.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 57,327ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 2,678ක අගයක් ගනී.

මැයි මාසය තුළ මෙතෙක් සමාජය තුළින් ආසාදිතයින් වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටිනවා. හමු වී ඇති සියලු ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සහ නාවික හමුදා සාමාජිකයින් අතරින් හමුවී ඇති බව වැඩිදුරටත් සඳහන් කළා.

