කොවිඩ්-19

දිනය තුළ නව ආසාදිතයින් 134ක්, සක්‍රීය ආසාදිතයින් ගණන මුල් වරට 700 ඉක්මවයි දක්වා ඉහළට, සමස්තය 1,453යි

(RIVIRA.LK, 2020 මැයි 27 පස්වරු 08.04ට | යාවත්කාලීන කිරීම පස්වරු 9ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 27 බදාදා පස්වරු 07.45 වන විට 1,453ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 134ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 20ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

දිනය තුළ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් 134 දෙනා අතුරින්

  • නාවික හමුදා සාමාජිකයින් - 53
  • විදේශයන් හී සිට පැමිණි - 81

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 732කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 10 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 711ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 75ක් බවද සඳහන් වේ.

දෛනික වාර්තාව – සුවය ලැබූ ගණන 732යි, සමස්ත ආසාදිතයින් ගණන 1,319 දක්වා ඉහළට

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top