(RIVIRA.LK, 2020 මැයි 28 පස්වරු 12.14ට)
පාස්කු සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය විසින් රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහුගේ පියා සහ සොහොයුරා විසින් අභියාචනාධීකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් මැයි 27 දින නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධීකරණය තීන්දු කර තිබෙනවා.
ඒ පෙත්සම්කරුවන් විසින් ගොනු කර තිබූ අදාළ හබයාස්කෝපුස් පෙත්සම් දෙක ඉල්ලා අස් කර ගැනීමට කළ ඉල්ලීමට අනුමැතිය ලබා දෙමිනි.
අදාළ පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබූ අවස්ථාවේ දී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ තම සේවාදායකයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් මෙකී හෙබයාස්කෝපූස් පෙත්සම් දෙක ඉල්ලා අස් කර ගැනීමට අවසර පතන බවයි.
ඒ අනුව අභියාචනාධීකරණය එම ඉල්ලීමට අවසර ලබා දෙමින් පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලදී.
අදාළ “හෙබෙයාස්කෝපුස්” පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ තිබූණි.

- නීතිඥ හිජාස් හිල්බුල්ලාත් CID බාරයට
- නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් කරුණු විමසයි
- හිස්බුල්ලා නිසා නීතිඥ සංගමයේ කීර්තිනාමය පළුදු නොකරන්නැයි නීතිඥවරු ඉල්ලති
- හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ජාත්‍යන්තර නීතිවේදීන්
- නීතිඥ හිජාස් ඇතුළු එම ප්‍රජාව වෙනුවෙන් හියුමන් රයිට්ස් වොච් පෙරට


