දිනය තුළ සුවය ලබා ඇත්තේ 13ක් පමණයි, ශ්‍රී ලංකාවේ සක්‍රීය ආසාදිත ගණන මුල්වරට 700 සීමාව ඉක්මවයි – දෛනික වාර්තාව
(RIVIRA.LK, 2020 මැයි 28 පස්වරු 01.50ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 28 බ්‍රහස්පතින්දා පස්වරු 1.30 වන විට 1,469ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 28 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වාර්තා වී නැති අතර ආසාදිතයින් 13ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
මැයි 27 දිනය තුළ දී වාර්තාගත ලෙස නව ආසාදිතයින් 150ක් වාර්තා වූ අතර ඔවුන්ගෙන් 97 දෙනෙකු විදේශයන් හී සිට පැමිණි අයයි. අනෙක් 53 දෙනා නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටිනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 745කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 10 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 727ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 68ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 50.7%ක් ලෙසත් මරණ අනුපාතය 0.6%ක් ලෙසත් වාර්තා වේ.
වෛරසය ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 691 දෙනාගෙන් 351 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 727 අතුරින්,
- IDH රෝහල – 80
- වැලිකන්ද මූලික රෝහල – 85
- මුල්ලේරියාව මූලික රෝහල – 30
- ඉරණවිල මූලික රෝහල – 32
- කාත්තන්කුඩි මූලික රෝහල – 94
- නාවික හමුදා රෝහල – 17ක් ද
- හෝමාගම මූලික රෝහල – 113ක් ද
- මිනුවන්ගොඩ මූලික රෝහල – 46ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
- රොහල් වෙත යොමු කරමින් ඇති ගණන – 217කි.
කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා හම්බන්තොට පැරණි රෝහල සහ තෙල්දෙණිය රෝහල සූදානම් කරමින් පවතිනවා.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 59,165ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

මැයි මාසය තුළ මෙතෙක් සමාජය තුළින් ආසාදිතයින් වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටිනවා. හමු වී ඇති සියලු ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සහ නාවික හමුදා සාමාජිකයින් අතරින් හමුවී ඇති බව වැඩිදුරටත් සඳහන් කළා.