(RIVIRA.LK, 2020 මැයි 28 පස්වරු 05.13ට – යාවත්කාලීන කිරීම පස්වරු 08.18ට )
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 28 බ්‍රහස්පතින්දා පස්වරු 06.45 වන විට 1,503ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 34ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 13ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දිනය තුළ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් 34 දෙනා අතුරින්
- විදේශයන් හී සිට පැමිණි – 32
- නාවික හමුදා සාමාජිකයින් – 02
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 745කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 10 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 748ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 68ක් බවද සඳහන් වේ.
මේ වන ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියනයකට සිටින ආසාදිතයින් ගණන 70ක් ලෙස දැක්වෙනවා.
දෛනික වාර්තාව – දිනය තුළ සුවය ලබා ඇත්තේ 13ක් පමණයි, ශ්‍රී ලංකාවේ සක්‍රීය ආසාදිත ගණන මුල්වරට 700 සීමාව ඉක්මවයි

