කොවිඩ්-19

දිනය තුළ සුවය ලබා ඇත්තේ 9ක් පමණයි, පීසීආර් ගණන 60,000 ඉක්මවයි

(RIVIRA.LK, 2020 මැයි 29 පස්වරු 03.47ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 29 සිකුරාදා පස්වරු 2.00 වන විට 1,530ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 29 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වාර්තා වී නැති අතර ආසාදිතයින් 09ක් පමණක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 754කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 10 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 766ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 75ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 49.2%ක් ලෙසත් මරණ අනුපාතය 0.6%ක් ලෙසත් වාර්තා වේ.

වෛරසය ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 717 දෙනාගෙන් 361 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් 1,530 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් - 03
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් - 464
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් - 753
  • වෙනත් - 310

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 766 අතුරින්,

  • IDH රෝහල – 137
  • වැලිකන්ද මූලික රෝහල – 91
  • මුල්ලේරියාව මූලික රෝහල – 47
  • ඉරණවිල මූලික රෝහල – 37
  • කාත්තන්කුඩි මූලික රෝහල – 92
  • නාවික හමුදා රෝහල – 66ක් ද
  • හෝමාගම මූලික රෝහල – 110ක් ද
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 46ක් ද
  • හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 65ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
  • රොහල් වෙත යොමු කරමින් ඇති ගණන – 75කි.

කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා හම්බන්තොට පැරණි රෝහල යොදාගෙන ඇති අතර තෙල්දෙණිය රෝහල සූදානම් කරමින් පවතිනවා.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 60,878ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

මැයි මාසය තුළ මෙතෙක් සමාජය තුළින් ආසාදිතයින් වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටිනවා. හමු වී ඇති සියලු ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සහ නාවික හමුදා සාමාජිකයින් අතරින් හමුවී ඇති බව වැඩිදුරටත් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top