ජීවිතය

ඇමති තොන්ඩමන්ගේ අවමගුලට දහස් ගණනින් ජනතාව රොක්වෙයි

(RIVIRA.LK, 2020 මැයි 29 පස්වරු 04.16ට)

අභවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන්ගේ දේහය මැයි 29 දින රම්බොඩ පිහිටි ඔහුගේ නිවස වෙත ගොස් තිබේ. එහිදී දේහය රථ පෙරහැරකින් ගෙනගොස් ඇති අතර, මග දෙපස අතිවිශාල ජනකායක් රැස්ව සිට තිබෙනවා.

දේහය මැයි 30 සෙනසුරාදා කොටගල පිහිටි සීඩබ්ලිව්සී මූලස්ථානය වෙත ගෙන ගොස් එහි ද තැන්පත් කිරීමට නියමිතයි.
 
අරුමුගම් තොන්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මැයි 31 වන ඉරිදා නොර්වුඩ් ක්‍රීඩාංගණයේදී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට ද සියලු කටයුතු යොදා ඇත.

කෙසේ වෙතත් අවමංග්‍ය උත්සවය හේතුවෙන් නිරෝධායන නීති නොතකන තත්වයක් උදා වී තිබෙන අතර දහස් ගණනක් ජනතාව තම නායකයාට අවසන් ගෞරව දැක්වීමට පොරකමින් සහභාගී වන අයුරු දැක ගැනීමට ලැබේ.

Rivira FB Group Rivira Youtube
To Top