කොවිඩ්-19

තවත් ආසාදිතයින්, 8ක් සක්‍රීය ආසාදිතයින් ගණන 784 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 මැයි 29 පස්වරු 05.45ට – යාවත්කාලීන කිරීම පස්වරු 09.32ට )

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 29 සිකුරාදා පස්වරු 09.00 වන විට 1,548ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 18ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 09ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

දිනය තුළ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් 18 දෙනා අතුරින්

  • විදේශයන් හී සිට පැමිණි – 11
  • නාවික හමුදා සාමාජිකයින් – 07

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 754කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 10 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 784ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

දෛනික වාර්තාව – දිනය තුළ සුවය ලබා ඇත්තේ 9ක් පමණයි

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top