News

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වේ

(RIVIRA.LK, 2020 මැයි 29 පස්වරු 01.46ට)

ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා කොළඹ රෝහලකදී මැයි 30 දින අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු දකුණු පළාතේ හා ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

මිය යන යන විට 89 වන වියේ පසු වූ මාර්ෂල් පෙරේරා 1955 වසරේ දී නීතීඥවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නීතිඥවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ පියා වන මාෂල් පෙරේරා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධූර කාලය තුළ දෙවරක්ම ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top