,
Covid-19

කොරෝනා වෛරසයේ පැතිරීමෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 12 සහ ලෝක තත්වය (මැයි 31)

(රිවිර.LK, 2020 මැයි 31 පස්වරු 12.43ට)

කොවිඩ්-19 ලෝක වසංගත තත්වය හේතුවෙන් මැයි 31 පස්වරු 12 වන විට ලොව පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 216ක ආසාදිතයින් 6,161,485ක් හෙවත් මිලියන 6.1කට අධික පිරිසක් වාර්තා වන අතර ඉන් 371,016 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුවය ලබා ඇති ප්‍රමාණය 2,738,333කි.

මේ වන විට ලෝකය පුරා කොවිඩ්-19 හේතුවෙන් සිදුවූ

  • මරණ අනුපාතය – 6.02%
  • සුව වූ පිරිසේ අනුපාතය – 44.44%

මේ වන විට සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය අතින් රටවල් 6ක ආසාදිතයින් ප්‍රමාණය 200,000 ඉක්මවා ගොස් ඇති අතර පිළිවෙලින් ඇමරිකාව, බ්‍රසීලය, රුසියාව, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය හා ඉතාලිය යන රටවල් ඒ අතර සිටී.

එමෙන්ම ඉහත රටවල් හැරුණුකොට ආසාදිතයින් 100,000 ඉක්මවා ගිය රටවල් 6ක් ඇති අතර පිළිවෙලින් ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, තුර්කිය, පේරු හා ඉරානය සිටී.

එමෙන්ම රටවල් 6ක මරණ 10,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අතර පිලිවෙළින් ඇමරිකාව, එක්සත් රාජධානිය, ඉතාලිය, බ්‍රසීලය, ප්‍රංශය හා ස්පාඤ්ඤය සිටිනවා.

ඇමරිකාවේ තත්වය

වෛරසයෙන් මේ වන විටත් වැඩිම හානියක් සිදුව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි. එහි ආසාදිතයින් ප්‍රමාණය 1,816,820ක් වන අතර එය තවමත් ලොව පුරා වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් තුනෙන් එකකට (1/3) ආසන්න ප්‍රමාණයක පවතී. ඉන් 105,557 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටිනවා. වෛරසය හේතුවෙන් රටක් තුළ වැඩිම මරණ වී ඇත්තේ ඇමරිකාව තුළයි. ඇමරිකාවේ මෙතෙක් සුවය ලබා ඇත්තේ 535,238ක් පමණයි. සක්‍රීය ආසාදිතයින් 1,176,025ක් හෙවත් මිලියනයකට වැඩි පිරිසක් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 5,492ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 319කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 52,203ක් පමණ වේ.

බ්‍රසීලයේ තත්වය

කෙටි කාලයක් තුළ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයේ පසුවන රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලයයි. මේ වන විට ආසාදිතයින් 499,966ක් වාර්තා වී ඇති අතර ඉන් 28,849ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 205,371ක් සුවය ලබා ඇති අතර 265,746ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 2,354ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 136කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 4,378ක් පමණ වේ.

රුසියාවේ තත්වය

ලොව තෙවන වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ රුසියාවයි. මේ වන විට සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය 396,575ක් ලෙස වාර්තා වී ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 4,555ක් පමණක් වීම විශේෂ තත්වයක් ලෙස හඳුනා ගත හැක. මේ වන විට 167,469ක් සුවය ලබා ඇති අතර 224,551ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 2,718ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 31කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 70,693ක් පමණ වේ.

ස්පාඤ්ඤයේ තත්වය

ලොව සිව්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ස්පාඤ්ඤයයි. මේ වන විට ආසාදිතයින් 286,308ක් වාර්තා වී ඇති අතර ඉන් 27,125 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 196,958ක් සුවය ලබා ඇති අතර 62,225ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 6,124ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 580කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 76,071ක් පමණ වේ.

එක්සත් රාජධානිය

ලොව පස්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එම ප්‍රමාණය 272,826කි. ඉන් 38,376ක් මරණයට පත්ව තිබේ. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 4,021ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 566කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 61,474ක් පමණ වේ.

ඉතාලියේ තත්වය

ලොව හයවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි. මේ වන විට ඉතාලියේ සමස්ථ ආසාදිතයින් 232,664ක් වාර්තා වී ඇති අතර ඉන් 33,340ක් මියගොස් තිබෙනවා. ආසාදිතයින් 155,633ක් සුවය ලබා ඇති අතර 43,691ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 3,848ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 551කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 63,249ක් පමණ වේ.

ප්‍රංශයේ තත්වය

ලොව හත්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ප්‍රංශයයි. මේ වන විට එහි ආසාදිතයින් 188,625ක් වාර්තා වී ඇති අතර ඉන් 28,771ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 68,268ක් සුවය ලබා ඇති අතර 91,586ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 2,890ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 441කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 21,218ක් පමණ වේ.

ජර්මනියේ තත්වය

ඉන්පසු වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ජර්මනියෙන් වන අතර එම ප්‍රමාණය 183,294ක් වුවත් මරණයට පත්වී ඇත්තේ 8,600ක ප්‍රමාණයකි. ආසාදිතයින් 164,900ක් සුවය ලබා ඇති අතර 9,794ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 2,188ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 103කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 47,193ක් පමණ වේ.

ඉන්දියාවේ තත්වය

ලොව නවවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ප්‍රමාණය 182,490ක් වේ. මැයි 17 වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබුණේ ආසාදිතයින් 91,314ක් පමණක් වන අතර දින 14ක දී එම ප්‍රමාණය දෙගුණ වී තිබෙනවා. ඒ අතරින් 5,186ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 86,984ක් සුවය ලබා ඇති අතර 90,320ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 132ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 4කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 2,710ක් පමණ වේ.

තුර්කියේ තත්වය

ලොව දස වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ තුර්කියෙන් වන අතර එම ප්‍රමාණය 163,103ක් වේ. ඒ අතරින් 4,515ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 126,984ක් සුවය ලබා ඇති අතර 31,604ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 1,936ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 54කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 23,779ක් පමණ වේ.

පේරු තත්වය

කෙටි කාලයක් තුළ ආසාදිතයින් වාර්තා කරමින් ලොව එකොලොස්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා කරන්නේ පේරු රාජ්‍යයෙන් වන අතර එම ප්‍රමාණය 155,671ක් වේ. ඒ අතරින් 4,371ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 66,447ක් සුවය ලබා ඇති අතර 84,853ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 4,727ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 133කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 30,752ක් පමණ වේ.

ඉරානයේ තත්වය

ලොව දොලොස්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉරානයෙන් වන අතර එම ප්‍රමාණය 148,950ක් වේ. ඒ අතරින් 7,734ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 116,827ක් සුවය ලබා ඇති අතර 24,389ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 1,775ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 92කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 10,686ක් පමණ වේ.

Rivira Ads
To Top