(RIVIRA.LK, 2020 මැයි 31 පස්වරු 05.57ට)
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 31 ඉරිදා පස්වරු 5.30 වන විට 759ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව වාර්තා වේ. දිනය තුළ තවත් නාවික හමුදා සාමාජිකයෙකු ආසාදනයට ලක් වී තිබෙන බව හඳුනාගෙන ඇති අතර තවත් සාමාජිකයින් 15 දෙනෙකු දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 403ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 356ක් බව ද වාර්තා වී තිබෙනවා.
