,
Covid-19

කොවිඩ්-19 හේතුවෙන් 11 වැනි මරණය වාර්තා වේ

(RIVIRA.LK, 2020 ජුනි 01 පෙරවරු 09.00ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී සිදු වූ 11 වැනි මරණය ජුනි 01 දින වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි.

අදාළ පිරිමි පුද්ගලයා 45 හැවිරිදි වියේ පසු වූ බවත් හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කර සිටිනවා.

මිය ගිය පුද්ගලයා කුවේට් හී සූපවේදියෙකු ලෙස කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාවේ කුරුණෑගල, රිදියගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බව ද වාර්තා වේ. එසේම ශ්‍රී ලංකාවට පැමීණීමෙන් පසු මින්නේරිය නිරෝධානය මධ්‍යස්ථානයේ දින 7 සිට ඇති අතර එහිදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගෙන හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කළේ මිය ගිය පුද්ගලයා අධික ලෙස දුම්පානයට පුරුදු වී සිටි අයෙකු බැවින් ශ්වසන අපහසුතාවය තිව්ර වී ඇති බවයි.

මේ විට ශ්‍රී ලංකාවෙන් සමස්ත ආසාදිතයින් 1,633 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 11 දෙනෙකු මිය ගොස් 801 දෙනෙකු සුවය ලබා තිබෙනවා. සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබන ගණන 821ක් ලෙසයි වාර්තා වන්නේ.

Rivira Ads
To Top