දේශීය පුවත්

අගමැති මහින්දට තවත් ඇමතිධූරයක්

(RIVIRA.LK, 2020 ජුනි 01 පස්වරු 12.54ට)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තවත් කැබිනට් අමාත්‍යධූරයක දිවුරුම් දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජුනි 01 දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අගමැතිවරයා මෙලෙස දිවුරුම් දී ඇත්තේ ආරුමුගන් තොන්ඩමාන්ගේ අභාවයෙන් හිස් වූ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යධූරයේ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ වන විට පහත අමාත්‍යංශවල අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබයි.

  • මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය
  • බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍ය
  • නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය
  • ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර එක්ව සිටියේය.

Rivira FB Group Rivira Youtube
To Top