කොවිඩ්-19

කොවිඩ්-19 හා ශ්‍රී ලංකාව, මැයි මාසයට අදාළ සම්පූර්ණ වාර්තාව

(RIVIRA.LK, 2020 ජුනි 01 පස්වරු 02.02ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 01 සඳුදා පස්වරු 1.00 වන විට 1,633ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුනි 01 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වාර්තා වී නැති අතර ආසාදිතයින් 10ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 811කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 811ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 65ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 49.6%ක් ලෙසත් මරණ අනුපාතය 0.6%ක් ලෙසත් වාර්තා වේ.

සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය මැයි 23 දින සිට සැළකිය යුතු ඉහළ යමින් තිබෙනවා. මැයි 23 සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 399ක් ලෙස සටහන් වූ අතර විදේශයන්ගේ සිට පැමිණි ආසාදිතයින් ඉහළ යාමත් සමග සක්‍රීය ආසාදිතයින් ගණන සැළකිය යුතු ලෙස ඉහළ යමින් තිබෙනවා.

මැයි මාසය තුළ නව ආසාදිතයින් වාර්තා වීම පහත ප්‍රස්ථාරයෙන් දැක්වෙන අතර මැයි 01 දින සිට මැයි 31 දින දක්වා දින 31 තුළ සමස්ථ ආසාදිතයින් 971ක් වාර්තා වී තිබෙනවා.

මැයි මාසය තුළ දෛනිකව සුවය ලැබූ පිරිස පහත ප්‍රස්ථාරයෙන් දැක්වෙන අතර සමස්ථයක් ලෙස මැයි 1 සිට මැයි 31 දින දක්වා ආසාදිතයින් 646ක් සුවය ලබා තිබෙනවා.

මැයි මාසය තුළ කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මරණ 3ක් වාර්තා වූ අතර එම තිදෙනාම කාන්තාවන් විය. මරණ පහත සඳහන් දිනයන් වලදී වාර්තා විය.

  • මැයි 04 දින – 8 වැනි මරණය – අවුරුදු 72ක් වු කාන්තාවක්
  • මැයි 05 දින – 9 වැනි මරණය – අවුරුදු 52ක් වු කාන්තාවක් 
  • මැයි 25 දින – 10 වැනි මරණය – අවුරුදු 51ක් වු කාන්තාවක්

වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 762 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 14ක් ද සිටිනවා.

මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් 1,633 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 03
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 521
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 798
  • වෙනත් – 311

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 811 අතුරින්,

  • IDH රෝහල – 145
  • වැලිකන්ද මූලික රෝහල – 91
  • මුල්ලේරියාව මූලික රෝහල – 42
  • ඉරණවිල මූලික රෝහල – 50
  • කාත්තන්කුඩි මූලික රෝහල – 92
  • නාවික හමුදා රෝහල – 110ක් ද
  • හෝමාගම මූලික රෝහල – 100ක් ද
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 46ක් ද
  • හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 107ක් ද
  • තෙල්දෙණිය මූලික රෝහල – 28ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 65,355ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියනයකට සිදුකර ඇති පරීක්ෂණ ගණන 3,053ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මැයි 01 සිට මැයි 31 දක්වා සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ගණන මෙසේය.

අප්‍රේල් 30 දින සිට අද දිනය දක්වා සමාජයෙන් කිසිඳු ආසාදිතයෙකු හමු වී නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා. හමු වී ඇති සියලු ආසාදිතයින් විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටින අය අතරින් සහ නාවික හමුදා සාමාජිකයින් අතරින් හමුවී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top