2020 මහමැතිවරණය

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද? තීරණය ජුනි 02 සවස 3ට

(RIVIRA.LK, 2020 ජුනි 01 පස්වරු 06.47ට)

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම ජුනි 01 දින අවසන් කළා.

ඒ අනුව එම පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව ජුනි 02 දින පස්වරු 03.00ට ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා.

සම්බන්ධිත පුවත් – ජුනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගයේ නවතම තත්වය

Rivira FB Group Rivira Youtube
To Top