(RIVIRA.LK, 2020 ජුනි 01 පස්වරු 11.17ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 01 සඳුදා පස්වරු 11.00 වන විට 1,643ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 10ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 10ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දිනය තුළ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් 10 දෙනා අතුරින්
- විදේශයන් හී සිට පැමිණි – 06
- නාවික හමුදා සාමාජිකයින් – 02
- යුධ හමුදා සාමාජිකයාගේ ආශ්‍රිතයින් – 02 (නිරෝධායනයට ලක්වෙමින් සිට ඇත)
දිනය තුළ වාර්තා වූ විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් බෙලරූස් රාජ්‍ය හා බංගලාදේශය යන රටවලින් පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි.
දිනය තුළ එක් මරණයක් ද වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 811කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 821ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.
දෛනික වාර්තාව – මැයි මාසයට අදාළ සම්පූර්ණ වාර්තාව
