විදේශ

ධවල මන්දිරයේ සැඟව සිටි ට්‍රම්ප් එළියට එයි

Photo - Reuters

ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ පොලිස් නිලධාරියෙකු අතින් කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය වීමේ සිද්ධිය හේතුවෙන් ඇමරිකාව පුරා විරෝධතාවයන් එල්ල විය. මේ හේතුවෙන් පසුගියදා ධවල මන්දිරය ඉදිරිපිට දී ද විරෝධතාවයන් හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ පිහිටි භූගත බංකරයකට රැගෙන යාමට ආරක්ෂක අංශය විසින් කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත්, මැයි මස 02 වන දා අළුයම හෙතෙම ධවල මන්දිරයේ ඕවල් ඔෆිස් හෙවත් ජනපති කාර්යාල කාමරය මායිම් කොට ඇති රෝස් ගාඩ්න් නම් සිය සුපුරුදු මාධ්‍ය අමතන ස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

“මමයි ඔබේ නීතිය හා සාමය පිළිබඳ ජනාධිපති. නගරාධිපතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් ඇතිව තිබෙන ප්‍රචණ්ඩත්වය පාලනය කිරිමට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි. යම් ප්‍රාන්තයක හෝ නගරයක ජිවත් වන ජනතාවගේ ජිවිත හෝ දේපළ ආරක්ෂා කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් මම හමුදාව යොදවා ඉක්මනින්ම ගැටළුව විසඳා දීමට අවශ්‍ය පියවර ගන්නවා” යැයි ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ රෝස් ගාර්ඩ්න් හිදී ප්‍රකාශ කර සිටියා.

ඝාතනය වූ ෆ්ලොයිඩ් ට සාධාරණයක් ඉටු වන බව පැවසූ ඔහු ඒ සමගින් රට පුරා ව්‍යප්ත වූ අරගල රැල්ල හෙළා දුටුවේය. වෘත්තීය අරාජිකවාදීන් ලෙස එම පිරිස හැඳින්වූ ට්‍රම්ප් ජාතික ආරක්ෂක බළඇණි යොදා ඔවුන් පාලනය කරන ලෙස සියලු ප්‍රාන්ත ආණ්ඩුකාවරුන්ට අණ කළේය. වොශිංටනයේ ලින්කන් චතුරස්‍රය හා දෙවන ලෝක යුධ සැමරුම් ස්මාරකය ද උද්ඝෝෂකයන් විසින් වනසා ඇතැයි ට්‍රම්ප් චෝදනා කළේය. රට තුළ ක්‍රියාත්මක වන්නේ එකම නීතියක් බව පැවසූ ඔහු ඇඳිරිනීතිය කඩ කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අණ කළේය.

සිය කතාවෙන් පසු ඔහු යම් විශේෂ ස්ථානයක සැමරුමක් සඳහා යන බව පැවසුවත් එම ස්ථානය හෙළි නොකළේය. නමුත් පසුව හෙළි වූයේ ඔහු ධවල මන්දිරය අසල පිහිටි ශාන්ත ජෝන් දේවස්ථානයට පා ගමනින් ගොස් ඇති බවයි. එම දේවස්ථානය ‘ජනාධිපති දේවස්ථානය’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එයට හේතුව වන්නේ ඇමරිකානු ජනාධිපතිවරු රැසක් එම දේවස්ථානයේ ආගමික වතාවත් සඳහා සහභාගී වී ඇති හෙයින් ය.

ජනාධිපතිවරයාට එම දේවස්ථානය සඳහා යාමට ආරක්ෂක අංශ විසින් රබර් උණ්ඩ හා අශ්වාරෝහක හමුදාව යොදා ගනිමින් විරෝධතාකරුවන් විසුරුවා හැර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම අවස්ථාව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුනේ පහත අයුරින් ය.

පසුව ඔහු එම ස්ථානයේ දී බයිබලයක් අතැතිව ඡායාරූපයකට ද පෙනී සිටියේ ය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top