,
Covid-19

නාවික හමුදාවේ සුව වූ ගණන 415 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 ජුනි 02 පස්වරු 12.22ට)

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 02 වන අඟහරුවාදා පස්වරු 12.20 වන විට 763ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව වාර්තා වේ. ජුනි 02 වන අඟහරුවාදා වන විට තවත් සාමාජිකයින් 04 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 415ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 348ක් බව ද වාර්තා වී තිබෙනවා.

Rivira Ads
To Top