කොවිඩ්-19

සුවය ලැබූ ගණන 823යි, සක්‍රීය ආසාදිතයින් ගණන 809යි – දෛනික වාර්තාව

(RIVIRA.LK, 2020 ජුනි 02 පස්වරු 02.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 02 වන අඟහරුවාදා පස්වරු 1.30 වන විට 1,643ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුනි 02 වන දින තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වාර්තා වී නැති අතර ආසාදිතයින් 12ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 823කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 809ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 84ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 49.3%ක් ලෙසත් මරණ අනුපාතය 0.6%ක් ලෙසත් වාර්තා වේ.

සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය මැයි 23 දින සිට සැළකිය යුතු ඉහළ යමින් තිබෙනවා. මැයි 23 සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 399ක් ලෙස සටහන් වූ අතර විදේශයන්ගේ සිට පැමිණි ආසාදිතයින් ඉහළ යාමත් සමග සක්‍රීය ආසාදිතයින් ගණන සැළකිය යුතු ලෙස ඉහළ යමින් තිබෙනවා. ඒ අනුව මේ වන විට පළමු වරට සක්‍රීය ආසාදිතයින් ගණන 800 ඉක්මවා තිබෙනවා.

වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 764 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 14ක් ද සිටිනවා. ඒ පසුගිය දින දෙක තුළ යුධ හමුදා සාමාජිකයෙකුට සහ ගුවන් හමුදා සාමාජිකයෙකුට වෛරසය ආසාදනය වීමත් සමගයි.

මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් 1,643 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 03
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 527
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 800
  • වෙනත් – 313

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 809 අතුරින්,

  • IDH රෝහල – 144
  • වැලිකන්ද මූලික රෝහල – 93
  • මුල්ලේරියාව මූලික රෝහල – 41
  • ඉරණවිල මූලික රෝහල – 50
  • කාත්තන්කුඩි මූලික රෝහල – 92
  • නාවික හමුදා රෝහල – 109ක් ද
  • හෝමාගම මූලික රෝහල – 97ක් ද
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 44ක් ද
  • හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 107ක් ද
  • තෙල්දෙණිය මූලික රෝහල – 29ක් ද
  • පනාගොඩ යුද හමුදා රෝහල – 03ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 66,421ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top