(RIVIRA.LK, 2020 ජුනි 03 පෙරවරු 11.07ට)
කොවිඩ්-19 ලෝක වසංගත තත්වය හමුවේ ඉන්දියාවේ මේ වන සමස්ත ආසාදිතයින් 207,615ක් වාර්තා වී තිබේ. ලොව ආසාදිතයින් වැඩිම රටවල් අතර මේ වන වන ඉන්දියාව පසුවන්නේ 7 වැනි ස්ථානයේ යි. එසේම ආසාදිතයින් ගණන ලක්ෂ 2 ඉක්මවූ 7 වැනි රට වන්නේ ද ඉන්දියාව යි.
සමස්ත ආසාදිතයින් අතරින් 5,829ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 100,303ක් සුවය ලබා ඇති අතර 101,483ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී.
එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 151ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 4කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 2,976ක් පමණ වේ.
වෛරසයේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ මහාරාෂ්ට ප්‍රාන්තය යි. ඉන් වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය 72,300 ඉක්මවා තිබෙනවා. තමිල්නාඩු ප්‍රාන්තයෙන් ආසාදිතයින් 24,586ක් ද, දිල්ලි ප්‍රාන්තයෙන් ආසාදිතයින් 22,132ක් ද වාර්තා වී තිබෙනවා.
ඉන්දියාවේ ප්‍රාන්ත හා සමූහයන් 35 තුළින් ම ආසාදිතයින් හමු වී තිබෙනවා.

