(RIVIRA.LK, 2020 ජුනි 03 පස්වරු 05.57ට | යාවත්කාලීන කිරීම ජුනි 04 පෙරවරු 09.20)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 03 බදාදා පස්වරු 11.55 වන විට 1,749ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ නව ආසාදිතයින් 66ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 13ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දිනය තුළ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් 66 දෙනා අතුරින්
- විදේශයන් හී සිට පැමිණි – 35
- නාවික හමුදා සාමාජිකයින් – 31
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 836කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 902ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.
දෛනික වාර්තාව – සුවය ලබා ඇති ගණන 836 දක්වා ඉහළට

