කොවිඩ්-19

ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු කොරෝනා පරීක්ෂණය ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුල් වෙයි

(RIVIRA.LK, 2020 ජුනි 04 පස්වරු 03.18ට)

කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යායේ සේවය කරන රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි නිලධාරියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පීසීආර් පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබෙන බව වාර්තා වේ.

ගුවන් තොටුපළ නියෝජ්‍ය සභාපතිවරයා සඳහන් කරන්නේ අදාළ නිලධාරියා රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද භුක්ති විඳීමට කටයුතු කළ බැවින් ඔහුගේ ගමනට බාධාවක් සිදුකළ නොහැකි වූ බවයි.

කෙසේ නමුත් ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට ඇතුල් වන සියලු ගුවන් මගීන් සඳහා පීසීආර් පරීක්ෂාව අනිවාර්ය කර තිබෙන තත්වයක් තුළ මෙලෙස රාජ්‍ය තාන්ත්‍රිකයින් එම රෙගුලාසි අනුගමනය නොකරමින් කටයුතු කිරීම හරහා රට තුළ යළි කොරෝනා තර්ජනයක් මතුවීමේ අවදානමක් ඇතිවන බව ගුවන් තොටුපළ සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍යංශට දැනුම් දීමට කටයුතු කළ බවද ගුවන් තොටුපළ සෞඛ්‍ය අංශ සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top