කොවිඩ්-19

දිනය තුළ හමුවූ ආසාදිතයින් ගණන 47 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 ජුනි 04 පස්වරු 04.09ට | යාවත්කාලීන කිරීම ජුනි 04 පස්වරැ 10.46)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 04 බ්‍රහස්පතින්දා පස්වරු 10.30 වන විට 1,796ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ නව ආසාදිතයින් 47ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 03ක් පමණක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 839කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 946ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

දෛනික වාර්තාව – දිනය තුළ සුවය ලබා ඇත්තේ 3ක් පමණයි

Rivira FB Group Rivira Youtube
To Top