(RIVIRA.LK, 2020 ජුනි 04 පස්වරු 05.06ට)
කුඩා දැරියක විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය මගින් කොරෝනා මර්දන වැඩ පිළිවෙල හරහා රට ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුලු පිරිසට ඇය ස්තූති කර තිබෙනවා.
එසේම සිත්ගන්නා සුළු අයුරින් සංවේදීව ලියා ඇති එම ලිපියෙන් ජනාධිපතිවරයා පිළිබඳ තමන් ආඩම්භර වන බව කියා ඇති අතර මූල්‍යමය වශයෙන් රට මුහුණ දී ඇති තත්වයට ඇගේ මට්ටමින් දායකත්වයක් ද ලබා දීමට කටයුතු කරනු ලබන බව ද දැනුම් දී තිබෙනවා.
එම දැරියට ස්තූති කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද සිය සමාජ ජාල තුළ විශේෂ සටහනක් තබමින් කියා ඇත්තේ ඇය වැනි රටට ආදරය කරන අනාගත පරපුර වෙනුවෙන් තම මෙහෙවර ඉටු කරන බවයි.
එම ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති අතර එහි සරල පරිවර්තනයක් පහතින් දක්වා තිබෙනවා.
“පළමුව, මාගේ හෘදයාංගම කෘතඥතාවය මේ වසංගත තත්වයෙන් රට බේරා ගැනීම වෙනුවෙන් කටයුතු කළ ඔබ සහ අගමැතිතුමන් ඇතුලු සැමටම පළ කිරීමට කැමැත්තෙමි. ඔබ නොහිටියා නම් මේ වසංගත තත්වයෙන් බේරී සිටීමට අපට නොහැකි වනු ඇත. මම කතා කරන්නේ රටට ආදරය කරන සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්. ඔබ රටේ ජනාධිපති බව කීම මට ආඩම්භරයක්.
මම දන්නවා, අපේ රට මේ වෙලාවේ මූල්‍යමය වශයෙන් අසීරු අවස්ථාවකට මුහුණ දී සිටින බව. නමුත් කණගාටු වෙන්න එපා. හැමදේම හරියයි. කොහොම උනත් මම ඉතිරි කරපු මුදල් මම කැමැත්තෙන්ම ආධාර ලෙස ලබා දෙනවා. මම හිතනවා එයින් රටට වැඩක් වෙයි කියලා.
ඔබේ අනාගතයට මම සුබ පතනවා, බුදුසරණයි.
මහත් ආදරයෙන් සහ උපකාරීව, -රොහන්සා”
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පළ කර තිබූ ස්තූති සටහන පහතින්.
“ආදරණීය රොහන්සා දියණිය වෙතටයි,
දුවේ, රටේ අනාගත පරපුර ලෙස මාගේ සේවය අගය කිරීම ගැන පළමුව මම ස්තූතිවන්ත වෙමි. ඔබගේ දායකත්වය “ඉටුකම” COVID-19 සමාජ සංරක්ෂණ අරමුදල වෙත යොමු කර තිබෙනු දැක මම මහත් ආඩම්බරට පත්වීමි. ඔබ වැනි ශ්‍රී ලාංකේය දරුවන් වෙත අපගේ මවුබිම අනාගතයේ භාරවනු දැකීම මා හට මහත් අස්වැසිල්ලකි.
මා වෙත ලැබුණු ජනාධිපති ධුරයේ බලතල ඔබ වැනි දේශප්‍රේමී අනාගත පරපුරකට ජීවත් වීමට සුදුසු සමාජ, ආර්ථික සහ සංස්කෘතික දියුණුවක් සහිත රටක් බිහිකිරීමට යොදවන බවට මම පොරොන්දු වෙමි.
ළමා කාලය අප සියලු දෙනාගේ ජීවිතයේ සුන්දරම කාලයයි. එය තම අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය කෙරෙහි යොදාගනිමින් ශ්‍රී ලාංකේය නාමය ඉහළ තලයකට ඔසවා තැබීමට හැකි නව්‍ය නිර්මාණ කිරීමට ඔබ උත්සුක විය යුතුය. ඔබගේ සියලු කටයුතු සාර්ථක කරගැනීමට මම ආශිර්වාද කරමි.
අපි අපේ රටට ආදරය කරමු. අප වෙත පැමිණෙන සියලු බාදක එක්ව ජයගමු.
තෙරුවන් සරණයි.”


