(RIVIRA.LK, 2020 ජුනි 05 පෙරවරු 11.10ට)
ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ පෙරමුණෙ ප්‍රධාන ලේකම් ජීවන් තොන්ඩමන් 2020 පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා තරඟ කිරීමට අදාළව නාමයෝජනා අත්සන් කර තිබෙනවා.
සිය පියා වන ආරමුගන් තොන්ඩමන්ගේ අභාවයෙන් හිස් වූ නාමයෝජනා ලැයිස්තුවේ ස්ථානය වෙනුවෙන් ජීවන් තොන්ඩමන් මෙලෙස ඉදිරිපත් වී තිබෙනවා.
නුවරඑළිය සීඑල්එෆ් ගොඩනැගිලි සංකීර්ණයේ දී මෙම අත්සන් තැබීම සිදුකළ අතර අනෙකුත් දිස්ත්‍රික් අපේක්ෂකයින් වන මරුතාපන්දි රාමේෂ්වරන්, ශක්තිවෙල්, ගනපති කනකරාජ්, දිලීප් කුමාර් සහ සීඩබ්ලිව්සී පක්ෂ සාමාජිකයින් ද සහභාගී වූහ

