(RIVIRA.LK, 2020 ජුනි 05 පස්වරු 04.20ට | යාවත්කාලීන කිරීම පස්වරු 05.21)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 05 සිකුරාදා පස්වරු 04.30 වන විට 1,800ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ නව ආසාදිතයින් 3ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 19ක් පමණක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 858කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 931ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.
දෛනික වාර්තාව – තවත් ආසාදිතයින් 19කට සුවයි

