කොවිඩ්-19

ජර්මනියේ සිටි ශ්‍රී ලාංකිකයින් 236ක් දිවයිනට

(RIVIRA.LK, 2020 ජුනි 06 පස්වරු 06.30ට)

ජර්මනියේ නැව් සමාගම් කීපයක සේවය සදහා ගොස් සිටිය දී, කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 236 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ජුනි මස 06 වන සෙනසුරාදා දහවල් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම නාවිකයන් පිරිස ජර්මනියේ , හැම්බර්ග් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානයෙන් දහවල් 11.55 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් මගීන් පිරිස සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමට සූදානම් කර ඇති අතර මේ වනවිටත් කොළඹ ආසිරි රෝහලේ කාර්යය මණ්ඩලයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

මෙම පිරිසගේ පී.සී.ආර්.පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මත්තල ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් සූදානම් කර ඇති බව වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top