,
Foreign

ලොව පුරා කොරෝනා මරණ ගණන ලක්ෂ 4 පන්නයි

(RIVIRA.LK, 2020 ජුනි 07 පෙරවරු10.54ට)

ලොව පුරා කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛසරය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා ගොස් තිබෙනවා. worldometer.com වෙබ් අඩවියට අනුව ජුනි මස 07 වන ඉරිදා පෙරවරු 10.45 වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 402,237 ක් වේ.

වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර එය 112,000කට අධිකයි. ඇ.එ.ජ පසුව වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ මහා බ්‍රිතාන්‍යයෙන් වන අතර එය 40,465ක් වේ. මේ වන විට වෛරසය හේතුවෙන් දැඩි බලපෑමක් ඇති වී තිබෙන බ්‍රසීලයෙන් වාර්තා වී ඇති මරණ ගණන 36,044ක් වේ. ඉතාලියෙන් වාර්තා වූ මරණ ගණන 33,846කි. ප්‍රංශයේ 29,142ක් වේ. ස්පාඤ්ඤයේ මරණ ගණන 27,000 ඉක්මවා ඇත. මෙක්සිකෝවේ වාර්තා වී ඇති මරණ ගණන 13,511ක් වේ. අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වු කොරෝනා මරණ ගණන 6946ක් වේ.

ලොව පුරා මේ වන විට වාර්තා වූ කෝවිඩ් – 19 ආසාදිතයින් ගණන මිලියන 6.9 ඉක්මවා ගොස් තිබේ. එයින්, මිලියන 3.4 කට වැඩි රෝගීන් ප්‍රමාණයක් සුවය ලබා ඇත. තවත් මිලියන 3.1කට අධික පුද්ගලයින් ප්‍රමාණයක් ආසාදිත තත්ත්වයේ පසුවේ.

Rivira Ads
To Top