(RIVIRA.LK, 2020 ජුනි 07 පෙරවරු 11.39ට)
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 07 වන ඉරිදා පෙරවරු 11.35වන විට 856ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව වාර්තා වේ. ජුනි 07 වන ඉරිදා වන විට තවත් සාමාජිකයින් 35 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 488ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 368ක් බව ද වාර්තා වී තිබෙනවා.

