දේශීය පුවත්

එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 278 දෙනෙකු දිවයිනට

(RIVIRA.LK, 2020 ජුනි 07 පස්වරු 12.31ට)

කෝවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන විශේෂ ගුවන් යානයෙන් ජුනි 07 වන දින අළුයම 02.51ට ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ, ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්යය මණ්ඩලය , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කිරීම සිදු කර ඇති අතර එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක්, මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට පිහිටි හෝටල් 04 ක නවතා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top