කොවිඩ්-19

තවත් නාවිකයින් 34 දෙනෙක් සුවය ලබයි

(RIVIRA.LK, 2020 ජුනි 08 පස්වරු 12.10ට)

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 08 වන සඳුදා දින පෙරවරු 11.55වන විට 856ක් බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව වාර්තා වේ. ජුනි 07 වන දින කොරෝනා ආසාදිත වූ නාවික හමුදාවේ කිසිදු සාමාජිකයෙක් වාර්තා වී නොමැත. ජුනි 08 වන සඳුදා වන විට තවත් සාමාජිකයින් 34 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 522ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 334ක් බව ද වාර්තා වී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top