,
News

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩ භාර ගනි

(RIVIRA.LK, 2020 ජුනි 08 පස්වරු 01.05ට)

පසුුුුුගිය ජුනි මස 03 වන දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරට පත් කළ තුෂාර උපුල්දෙණිය එම තනතුරේ වැඩ භාරගෙන තිබේ. නව බන්ධනාගාර කොමසාරිස් ධූරයට පෙර ඔහු බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) ලෙස කටයුතු කර තිබේ.

කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිධරයකු වන උපුල් දෙණිය මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇත.

ලොව පුරා රටවල් 15ක පමණ බන්ධනාගාර කේෂ්ත්‍රය පිළිබද විවිධ පුහුණු වීම් ලබා ඇති තුෂාර උපුල්දෙනිය මහතා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ හා මහනුවර ධර්මරාජ විද්‍යාලවල ආදි ශිෂ්‍යයෙකි.

Rivira Ads
To Top