කොවිඩ්-19

තවත් ආසාදිතයින් 49 කට සුවයි

(RIVIRA.LK, 2020 ජුනි 08 පස්වරු 01.56ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 08 සඳුදා පස්වරු 1.36 වන විට 1,835ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුනි 08 දිනය තුළ මෙතෙක් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර ආසාදිතයින් 49 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 990කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 834ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 41ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාත 53.9%ක් ලෙසත් මරණ අනුපාතය 0.6%ක් ලෙසත් වාර්තා වේ.

වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 855 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 14ක් ද සිටිනවා.

මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් 1,835 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 03
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 627
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 892
  • වෙනත් – 313

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 834 අතුරින්,

  • IDH රෝහල – 137
  • වැලිකන්ද මූලික රෝහල – 93
  • මුල්ලේරියාව මූලික රෝහල – 37
  • ඉරණවිල මූලික රෝහල – 35
  • කාත්තන්කුඩි මූලික රෝහල – 82
  • නාවික හමුදා රෝහල – 123
  • හෝමාගම මූලික රෝහල – 73
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 40
  • හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 107
  • තෙල්දෙණිය මූලික රෝහල – 95
  • යුද හමුදා රෝහල පනාගොඩ – 04ක් ද ප්‍රතිකාර ලබමින් සිටියි.

තවත් සිව් දෙනෙකු රෝහල වෙත යොමු කරමින් සිටී.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 76,957ක් වන අතර ජුනි 07 දින පමණක් පරීක්ෂණ 1718ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

Rivira FB Group Rivira Youtube
To Top