ජනාධිපතිවරයාගේ නම, ව්‍යාජ ලෙස සැකසූ අත්සන, ව්‍යාජ ලිපි ශීර්ෂ යොදා ගනිමින් අමාත්‍යාංශ, දෙපාර්තුමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කරන බලපෑම් පිළිබඳව දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය වෙතින් ජුනි මස 08 වන දින ප.ව. 4.00ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන පරිදි ඇතැම් කූට පුද්ගලයින් විසින් යම් යම් රාජ්‍ය ආයතනවලට පෞද්ගලිකවම ගොස් යම් කාර්යයක් ඉටු කිරීමේ බලයලත් නිලධාරීන්ට බලපෑම් කරන බැව් දැනගැනීමට ඇති බවයි. එසේම, එම පුද්ගලයින් බලපෑම් කරන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත බැව් එම කූට පුද්ගලයින් පවසන බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය වෙත විමසීම් ලැබෙන බවත් දන්වයි.
රාජ්‍ය තන්ත්‍රය වෙත කාර්යභාවය නිසි පරිදි ඉටු කිරීම ගැන තම පාලන කාලයේ ප්‍රමුඛත්වයක් දියයුතු බවත්, යම් යම් කාර්යයන් කිරීමට බලයලත් නිලධාරීන් නීතියට අනුකූලව, මහජනතාවගේ අවශ්‍යතා ඉටුවන පරිදි රාජ්‍ය තන්ත්‍රය කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයාගේ අදහස බව එම නිවේදනයේ දැක්වේ.
එබැවින් යම් පුද්ගලයෙකු විසින් අතිගරු ජනාධිපතිතුමාගේ නම විකුණමින් බලපෑම් සිදු කරන්නේ නම් ඒ බැව් හැකි විගම ජනාධිපති කාර්යාලයේ විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙලේ (අධ්‍යක්ෂ ජනරාල්, අභ්‍යන්තර පාලන) මහතා වෙත 011-2354479/011-2354354 ඔස්සේ දැනුම් දෙන ලෙසත් ජනාධිපති කාර්යාලය විසින් නිවේදනය කරයි.

