(RIVIRA.LK, 2020 ජුනි 08 පස්වරු 06.24ට )
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 08 සඳුදා පස්වරු 06.15 වන විට 1,857ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ නව ආසාදිතයින් 14ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 49ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
වාර්තා වූ ආසාදිතයින් 14 දෙනාගෙන් 10ක්ම නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් ආසාදිතයින් සිව් දෙනා ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 990කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 856ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

