දේශීය පුවත්

බෝරා ආධ්‍යාත්මික නායකයා ඇතුළු 45කට මෙරටට පැමිණීමට අවසර ලැබෙයි

(RIVIRA.LK, 2020 ජුනි 08 පස්වරු10.33ට )

ඉන්දියාවේ Covid -19 වසංගතය සමනය වනතුරු ‘ඩාවුඩ් බෝරා ප්‍රජාවේ’ ආධ්‍යාත්මික ආචාර්ය සයිඩ්නා මවුෆඩුල් සයිෆුඩීන් (Mufaddal Saifuddin) ඇතුළු අනුගාමිකයන් හතළිස් පස්දෙනකුට මෙරටට පැමිණ රැඳී සිටීම සඳහා අවසර ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා රජය අනුමැතිය දී ඇතිි බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් පළ කරමින් ඔහු සඳහන් කරන්නේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි ‘ඩාවුඩ් බෝරා ප්‍රජාවේ’ නිවාඩු නිකේතනයට පැමිණීමට ඔවුන් අවසර ඉල්ලා ඇති බවයි. ඔවුන් දැනට ඉන්දියාවේ මුම්බායිහි රැඳී සිටින බවත් මෙරටට පැමිීමට පැය 48 කට පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර එම වාර්තා රැගෙන ඒමට රජය විසින් උපදෙස් ලබා දී ඇති බවත් ඔහු ජයනාත් කොළඹගේ පවසයි.

මෙරටට පැමිණි පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව, යුද්ධ හමුදාවේ අධීක්ෂණය යටතේ බණ්ඩාරවෙල පිහිටි ඔවුන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කරවන බවත් ඔහු සඳහන් කරයි.

නිරෝධායන කාලය අවසන් වීමට පෙර නැවත වතාවක් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු ඔවුන්ට සූදානම් කර දෙන බවත් ඔහු සඳහන් කරයි. සියළුම අවශ්‍ය ආරක්ෂක උපදෙස් අනුගමනය කරමින් සේවය සලසන ලෙස නිවාඩු නිකේතයේ කාර්යමණ්ඩලයට අදාළ උපදෙස් ලබා දී ඇති බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත්, මෙම පැමිණීමට මෙතෙක් දිනයක් නියම වී නොමැති බවත්, ඔවුන් මෙරට රැඳී සිටින කාලය පිළිබඳව ද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top