දේශීය පුවත්

මීගමුව බන්ධනාගාරයේ කළ හදිසි වැටලීමකින් තහනම් භාණ්ඩ රැසක් සොයා ගනී

(RIVIRA.LK, 2020 ජුනි 09 පස්වරු 12.48ට)

මීගමුව බන්ධනාගාරය තුළ මැයි 09 අඟහරුවාදා සිදුකළ හදිසි සෝදිසියකදී ජංගම දුරකථන 61ක් සොයාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පවසයි.

මේ සමගම සිම් කාඩ්පත් 51ක් ද, බැටරි 71ක් ද, චාජර් 30ක් සහ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16ක් ද හමුවී ඇති බව අනාවරණය කළා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේ රූපවාහිනී ආයතනයක පැවති සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

Rivira FB Group Rivira Youtube
To Top