,
Covid-19

“සාමකාමී විරෝධයට අපේ සහය, පෙළපාලිය අවහිර කරන්නැයි අපි කිව්වේ නෑ” – ඇමරිකන් තානාපති කාර්යාලය

(RIVIRA.LK, 2020 ජුනි 10 පෙරවරු 10.58ට)

සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතියට එක්සත් ජනපදය සහයෝගය දක්වන බවත් තානාපති කාර්යාලය ඉදිරිපිට එවැනි පෙළපාලියක් පැමිණෙන බව දන්නා බවත් එම පෙළපාළිය අවහිර කරන මෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැත බවත් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ජුනි 09 දින නිකුත් කළ නිවේදනය මෙසේය.

‘‘සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතියට එක්සත් ජනපදය සහයෝගය දක්වන අතර බෙදාහදාගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට එය අනුකූල වේ. අද දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපට පවත්වන්නට නියම කරගෙන තිබූ පෙළපාළියක් අවහිර කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ බව අපි දන්නෙමු.

එම පෙළපාළිය අවහිර කරන මෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැත. සෑමවිටකම මෙන් රටේ සිටින තානාපති ආයතන දරන වෑයම් සහ මුහුණු ආවරණ පැළඳීමට නියම කිරීම, මහජන රැස්වීම්වල විශාලත්වය සීමා කිරීම සහ අනෙකුත් ක්‍රියාමාර්ග හරහා කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා ඔවුන් විසින් දරනු ලබන අඛණ්ඩ වෑයම් අපි අගය කරන්නෙමු.’’

කොරෝනා රෙගුලාසි නොසළකා රටම අනතුරේ දමමින් විරෝධාතාවයක් සංවිධානය කළ පිරිසක් අත්අඩංගුවට

Rivira Ads
To Top