(RIVIRA.LK, 2020 ජුනි 10 පෙරවරු 11.09ට)
2019 ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇපමත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ජුනි 10 දින නියම කළේය.
ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
ඇප ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුව ඊට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ 2019 දෙසැම්බර් මස 24 දින අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසු සැකකරු පෞද්ගලික රෝහලකට ඇතුළත්වීම තුළින් ඔහු අධිකරණය මගහැර යාමට කටයුතු කර ඇති බවට පැමිණිල්ල විසින් කරුණු දක්වා තිබුණ ද ඊට දඬුවමක් වශයෙන් දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ හැකියාවක් නොමැති බවයි.
ඒ බව තහවුරු කිරීම සඳහා අධිකරණය හමුවේ නඩු තීන්දු ගණනාවක් ද ගෙන හැර දැක්වූ අතර සැකකරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන සියලු වැරදි, ඇප දිය හැකි වැරදි බව මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.
ඒ අනුව ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නොමැති බව කියා සිටි අතිරේක මහේස්ත්‍රාත්වරයා ලබා දීමට නියම කළේය.
සම්බන්ධිත පුවත්

